ඔබට රසබර ජීවිතයක් අවශ්‍ය නම් ඉගෙනීම එහි සාරය කරගන්න. අරටුවක් රහිත ගසකට වඩා ශක්තිමත් වන්නේ අරටුව සහිත ගසයි... දැනුමෙන් අවබෝධයත්, අවබෝධයෙන් බුද්ධි වර්ධනයත්, බුද්ධි වර්ධනයෙන් රසබර හරබර ජීවිතයකුත් හිමි වේ... ඉගෙනීම ලෝකය නමැති පෙට්ටගමේ යතුරයි. යතුරේ ස්වභාවය මත නිධානය වෙනස් වේ. එබැවින් සුදුසු ම යතුර තෝරාගන්න.
If you wish for a fulfilling life, make learning its essence.
A tree with roots is always stronger than one without.
Through knowledge comes understanding;
through understanding, wisdom grows;
and with wisdom comes a rich, vibrant life.
Learning is the key to the treasure chest called the world.
But the nature of the key determines what treasure it reveals.
So, choose the right key wisely.
අධ්‍යාපන වේදී (පිරිවෙන්) ගෞරව උපාධි පාඨමාලාව. (තවම අරඹා නොමැත - 2025.04.22)
පූර්'වසේවා පරිවෙනාචාර්ය පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව. ප්‍රධාන වශයෙන් විෂයයන් 14කින් සමන්විත වේ. පාඨමාලා කාලය වසර 03 කි. අභ්‍යන්තර (නේවාසික) වසර 2ක් සහ බාහිර (පුහුණුව මාස 6කුත් විභාගයට සූදානම් වීමේ කාලය මාස 4කුත් ලෙස) වසර 1ක් වශයෙනි.
පාඨමාලා කාලය වසර 1කි. මේ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවම සුදුසුකම් ලෙස සලකනු ලබයි. පාඨමාලාවට අයත් විෂයයන් 08 ප්‍රධාන වශයෙන් පවතී.